Home » විශේෂාංග » ජනාධිපති තුමාගේ උතුම් සංකල්පය යථාර්ථයක් වීමට නම් ‘ත්‍රිපිටකය ජාතික උරුමයක්, ලෝක උරුමයක් පමණක් නොව ඉදිරියේ දී පුද්ගල උරුමයක් කරගතයුතු බව’ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

ජනාධිපති තුමාගේ උතුම් සංකල්පය යථාර්ථයක් වීමට නම් ‘ත්‍රිපිටකය ජාතික උරුමයක්, ලෝක උරුමයක් පමණක් නොව ඉදිරියේ දී පුද්ගල උරුමයක් කරගතයුතු බව’ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් අද (මාර්තු 22) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී. එහිදී ත්‍රිපිටකය පිළිබඳව ධර්ම දේශනයක් පවත්වමින් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ විසින් මෙසේ ප්‍රකාශ කළහ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අමාත්‍යංශයිය ශ්‍රවනාගාරයේදී අද උදෑසන පැවතී මෙම වැඩසටහන සඳහා ප්‍රතිඥාව ලබාදීම, භාවනාමය වැඩසටහනක්, සහ ධර්ම දේශනයක් ඇතුලත් විය.

මෙම භාවනාමය වැඩසටහන සහ ධර්ම දේශනාව රත්මලාන බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී. උන්වහන්සේ විසින් ත්‍රිපිටකයේ ඉතිහාසය හා වැදගත්කම පිළිබඳව හරවත් ධර්ම දේශනාවක් සිදුකළහ. මෙම වැඩසටහන අවසානයේ දී පුජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් වෙත අෂ්ට පරික්කාර පුජාකරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා සම්බන්ධීකරණ නිලධාරි, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යංශ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට යෝජනා කිරීමට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කරන ලදී.

පසුගිය ජනවාරි 05 වන දින මාතලේ අලුවිහාරේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයක් වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙතින් කරනු ලබන ඉල්ලීම, ලබන සෙනසුරාදා (මාර්තු 23) දින ශ්‍රී දළඳා මාලිගාවේ මහා මළුවේ දී ගරුතර මහා නායක ස්වාමින්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිදුකිරීමට නියමිතය.

උපුටා ගන්නා ලද්දේ  http://www.defence.lk/Article_Sinhala/view_article/362 වෙබ් පිටුවෙණි