Home » පුවත් පත් ප්‍රකාශන » මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා

මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා

Dinamina_Print[1]

රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ – හෑගොඩ විපස්සි හිමි
නිර්මල බුදුදහම පන්දහසක් කල් ආරක්ෂාවන්නේ ලංකාදීපයේ බවට කියමනක් තිබේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළේ බෞද්ධ ප්‍රතිපත්ති පූර්ණ පිරිස් සිටිනතාක් බුදුසසුන ආරක්ෂා වන බවයි. ඈත අතීතයේ සිට පැමිණෙන අන්තවාදීන්ගේ විරෝධතා බුදුදහමට එරෙහිව වර්තමානයේ දී තව තවත් නව ආරවලින් එළි බසිමින් තිබෙනව. බෞද්ධ ප්‍රතිපත්තිවලට පහර ගැසීමට ප්‍රතිපත්ති පූර්ණ පිරිස් නොමඟ යැවීම් ඒ අතර සුලභ වී ඇත. මෙය බුදු දහමට පමණක් නොව සමස්ත සමාජ සංස්ථාවටම බලපෑමකි. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවර ධර්මසභාවට වැඩම කරන්නේ රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමිපාණන් ය.darma-sabawa[1]

වර්තමානයේ බුදු දහම ප්‍රචාරය කිරීම නිසා රැක ගැනීම පවා ඉතා අසීරු කාර්යයක් වෙලා තියනව, මූලධර්මවාදී කණ්ඩායම් බුද්ධ කාලයේ පටන් බෞද්ධ දර්ශනයට කළ විනාශය කෙබඳුද?

ලෝකයේ සියලු ආගම්, සංකල්ප දෙකක් මත තමයි ගොඩනැගෙන්නෙ. ඒ සේවක වාදය හා උච්ඡේදවාදය පදනම් කරගෙනයි. ඒත් බුදුන් වහන්සේ මේ ක්‍රම දෙකින්ම මිදිල අහේතුක ක්‍රමයක යන මධ්‍යම ප්‍රතිපදාවයි දේශනා කරන්නෙ.

මේක පැරණි සම්ප්‍රදාය ඉස්මතු කිරීමක් වත් ඒ සම්ප්‍රදායේ නවීකරණයක් වත් නෙවෙයි. අලුත්ම දහමක්. මේ තුළ රාජ්‍ය පාලනය ආර්ථිකය යන සමාජීය අංශ කියන සැමදේම අන්තර්ගතයි.

ඒකයි ඉන්දියාව තුළ ඉතා ශීඝ්‍රයෙන් මේ දහම ව්‍යාප්ත වෙන්නෙ. මේ නිසා උච්ඡේද හා සේවක දෘෂ්ටින්ගේ එල්බ සිටි පිරිස් මේ පැරණි කඳවුරු දෙකට පරිබාහිරව යම් දහමක් ජනතාව අතර ප්‍රචලිත වීම පිළිබඳ තරහින් සිටියේ.

ඒ නිසා ඔවුන් විවිධ උපක්‍රම යෙදුව බුදු දහම විනාශ කරන්න. හැබැයි අතීතයේ පටන් අපට සාහසික විනාශයන් විදියට හඳුනගන්නට ලැබෙන්නෙ බුදු දහම වැළඳගත්ත පිරිස් කරන විනාශයන්. ඒකයි බුදුදහම බිහිවෙලා අවුරුදු විස්සෙන් විනය නීති පනවන්න සිදු වෙන්නෙ.

අද වනවිට මේ තත්ත්වය අතීතයට වඩා වෙනස්. මේ මූලධර්මවාදීන් පරිසර සංවිධාන අවිහිංසාවාදී සංවිධාන ආදී විවිධ සංවිධාන පිහිටුවාගෙන මල්පූජාව පෙරහර ආදිය හෙළා දැකීම වැනි සූක්ෂම දේවල්වලින් නේද මේව පටන් අරන් තියෙන්නෙ ?f-3[1]

ඉන්දියාවේ හිටිය සංකරාචාර්ය තමයි ඉන්දියාවේ බුදුදහම විනාශ කළේ. ඔහු බ්‍රාහ්මණයෙක්. ඒ නිසා ඔහු හින්දු දහමත් එක්ක බුදු දහම සන්සන්දනය කරල මේ දෙකම සමානයි.

සමාන නම් මොකද ආගම් දෙකක් කියල වැඩි පිරිසකගේ සංස්කෘතියත් එක්ක තිබුණ හින්දු දහම බොහෝ දෙනා වැළඳ ගත්ත. අදත් එහෙමයි විවිධ දහම් එක්ක විද්‍යාව එක්ක බුදුදහම සන්සන්ධනය කරන්නට යාමෙන් මේ වැනි විනාශයන් අනාගතයේ සිදුවෙන්න පුළුවන්.

ඒ වගේම ඔබ මතුකරන විදියට අපේ ප්‍රකට සංස්කෘතිකාංග හෙලා දැකල ඒවා පව්කාර ක්‍රියා කියලත් ඔවුන් කියනව. මල් පූජාවෙන් පරාගනය වලක්වනවලු.

පෙරහැරේ යන ඈතාට මහන්සියිලු. මේ සංකල්ප බුදු දහමට ආදරේට ගේන දේවල් නෙවෙයි. මේ ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයන් අතරමං කරන්න කරන දේවල්. අපේ පරම අවිහිංසාවාදයක් නැහැ.

මේ අය අපේ සංකල්පවලින්ම අන්තයට ගිහින් ඒවගෙන්ම අපට පහර ගසනව. ඒත් අපි මතක තියාගත යුතුයි අපේ අන්තගාමී ප්‍රතිපදා නැහැ අපේ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි.

අපේ මූලධර්ම වෙන්නෙ පටිච්ච සමුප්පාදය, කර්මය, ත්‍රිලක්ෂණය වගේ දේවල් මේවා අන්‍ය ආගම්වල තිබුණත් ඒවා සංකල්ප අතින් වෙනස්. හින්දු කර්ම සංකල්පයේ කෙනෙක් තව කෙනෙක්ව ඝාතනය කළොත් ඝාතනයට ලක්වූ කෙනා ඊළඟ ආත්මයේදී ඝාතකයාව ඝාතනය කරනවා කියල කියනව.

අපේ කර්ම සංකල්පය ඊට වෙනස්. අපේ අකුසල් කරපු අය වගේම කුසල් කරපු අයත් දුගතියට යන්න පුළුවන්. ඒකට වෙනම න්‍යායක් අපේ තියනව. චේතනාවයි මූලික වෙන්නෙ. අපි බෞද්ධ චින්තනය බලන්න ඕනෑ ඊටම ආවේනික වූ චින්තනයෙන්.

ඇතැම් ආගම්වල තියනව ඒ මතවලට විරුද්ධ මත දරන අය ඝාතනය කළ යුතුයි කියල මූල ධර්ම දැන් බලන්න මෑත කාලයේ ඇතැම් අය හිටිය බී. ඒ. උපාධි ගන්නව වගේ මාර්ගඵල ගන්න අයත්.

නමට කලින් සෝවාන් කියලත් දාගත්ත ඒ අය. සමහරු කිව්ව බුදුන් ලංකාවෙ උපන්නෙ කියල. බෞද්ධයා මේ අය ඝාතනය කළේ නෑ. අපි අදත් ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලා ඉන්නවා. මේකයි බුදු දහමේ හරය හැබැයි අපි හඳුගන්න අවශ්‍යයි ඔවුන් කරන්නට යන විනාශ කල්තියාම.

මේ තත්ත්වයන්ට විරුද්ධ වන භික්ෂුන් හා ගිහියන් සුක්ෂවම තමන් වෙත නතු කර ගැනිමට හෝ ඔවුන් විනාශ කිරීමටත් මේ අය කටයුතු කළා. තිරාණගම රතනසාර හිමි, රත්මලානේ සීලවංශ හිමි. ගංගොඩවිල සෝමහිමි ආදී යතිවරු රැසක් අපට අහිමි වෙනව අභිරහස් ආකාරයට.

භික්ෂුවට භික්ෂුත්වය ආරක්ෂා කරගනිමින් ජීවත්වීම අද තර්ජනයක් වෙලා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සම්මාන ආදී උගුල් අටවනව භික්ෂුව තමන්වෙත නතු කරගන්න.

මෙම ඉදිරියේ අභිතව හඬක් නගන භික්ෂුන් රහසිගතව ඝාතනය කළ අවස්ථාවන් තියනව. ඒ නිසා භික්ෂුව නිවැරදිව තේරුම් ගත යුතුව තියනව මෙබඳු අවස්ථාවලට මුහුණ දෙන ක්‍රමය පිළිබඳවත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරයේ වැඩම කළා. උන්වහන්සේව ඒත් ඝාතනය වුණේ නැහැ.

ඒ නිසා අපි මේවා බුද්ධිමත්ව වලක්වාගත යුතුව පවතිනව. මේ ව්‍යසන නවතින්න නම් බුදු දහමේ මූලධර්ම විනාශකිරීමේ දැවැන්ත ව්‍යාපාර නැවැත්විය යුතු වෙනවා.

මේ ව්‍යාපාරයන්ට ඇතැම් මාධ්‍යයන් සෘජුව සම්බන්ධ වී තිබෙනව. ඒවගේම මේ රටේ ඇතැම් උගත්තු කියාගත්ත පිරිසකුත් මේව පිටුපස ඉන්නව. ක්‍රිස්තියානි පුරාණය කියල පොතක් ලියල තියනව.

ඒකෙ තියෙනව 1505ටත් කලින් අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානි ආගම ලංකාවේ තිබුණ කියල . කෝ මේ මනෝ සංකල්පවලට පදනමක් ?

එක රූපවාහිනී නාලිකාවක ලංකාවේ සංස්කෘතියයි වෙනත් සංස්කෘතියයි සමාන කරන්න උත්සාහ කරනව. ලාංකීය සංස්කෘතිය කියන්නෙ බෞද්ධ සංස්කෘතිය .

මේක කොහොමද වෙනත් සංස්කෘති එක්ක සමාන වෙන්නෙ. ඒ වගේම තමයි දැන් මේ උමතු ප්‍රාකෘතයක් ඇවිත් තියනව. ඒ අය කියනව අපේ සිංහල වචනවලට අමුතුම නිරුක්ති.

කොක්කෙන් උස්සන නිසා කොකිස්ලු. හැබැයි කොකිස් කියන්නෙ අපේ වචනයක් නෙවෙයි. ගමෙන් ගලාගෙන යන නිසා ගංගාවලු. මෙහෙම කියල මේ අය බෞද්ධ වචන වලටත් ඒ විදියේ නිරුක්ති සපයනව.

පටිච්චසමුප්පාදයටත් මේ විදයෙ අර්ථ කථන දීල තිබුණ. පටි කියන්නෙ බැඳීමලු. ඉච්ච කියන්නෙ කැමැත්තලු. කැමැත්තෙන් බැඳීම පටිච්ච සමුප්පාදයලු. මේ දේවල් නිසාත් බුදුදහමට විශාල විනාශයක් වෙලා තියනව. මුලින් අපි මේ දේවල් තුරන් කළ යුතුව තියනව. මුලින්ම මහා පරිමාන ව්‍යාපෘතිවලට යාම සුදුසු නැහැ.

මේවා තේරුම් ගැනීමෙන් බුදු දහම රැක ගැනීම වගේම බෞද්ධ නායකයන්ට එබඳු පුද්ගලයින්ගෙන් ආරක්ෂාවීමටත් හැකි වෙනව.

ආර්ථික වාසි සහ විවිධ භෞතික සම්පත්වලට බෞද්ධයා ලොල් කිරීම නිසා ඇතැම් බෞද්ධයන් පන්සලෙන් ගමට ලැබෙන දෙයක් නැහැ කියල හිතීමත් මේවට රුකුලක් වෙලා තියෙනවා නේ ද?

බුදු දහම කියන අනාත්මවාදී දහමක අධ්‍යාත්මික අවශ්‍යතා මිසක් භෞතික අවශ්‍යතා ඉටු කිරීමක් වෙන්නෙ නැහැ. පන්සලෙන් ගමට සේවයක් වෙන්නෑ කියන්න බැහැ.

සමගියෙන් සහයෝගයෙන් අල්පේච්චව ජීවත් වීමෙන් ගැටලු ඇති නොවෙනව කියන පණිවිඩය ගමට ගෙනියන්න පන්සලෙන්. දහම් පාසලෙන් අනාගත පරපුරක ප්‍රචණ්ඩත්වය නැති කරල හිරගෙවල් වහල දානව.

ඒවගේම විවිධ ශුභසාධන කටයුතු වලටත් භික්ෂුව මූලිකත්වය ගන්නව. සුනාමි ව්‍යසනය වෙලාවෙ අසරණ වූවන්ට උදව් කරන්න මුලින්ම එළියට බැස්සෙ පන්සලේ හාමුදුරුවො. විශාලා මහනුවර තුන්බිය දුරු කිරීමේ ඉඳන් භික්ෂුවට මේවා හුරුපුරුදු දේවල්. භික්ෂුත්වය කියන්නේ පූර්ණකාලීන පරාර්ථචර්යාවක්.

එහෙම නැතුව පන්සලෙන් ගේ හදාගන්න ලෝන්එකට අත්සන් කරගන්නවත් ගඩොල් ටික කපාගන්න වතුර බටේ ඇදගන්නවත් හිතන් පන්සලට එනවනම් ඒක වැරදියි. පන්සලට එන්න ඕනෑ අධ්‍යාත්මික දියුණුවක් මිසක් ආර්ථික දියුණුවක් අපේක්ෂාවෙන් නෙවෙයි.

හරියට නන්ද ජාතකයෙ රජකුමාරයට අයිති නිධානය උඩඉඳන් ඒකට ලෝභකමේ සේවකයන් රජකුමාරයා සමග රණ්ඩු කරනව වගේ අපේ උරුමය උඩට ඇවිත් ඒකට ලෝභ වෙලයි මේ අය අපට මේ විදියෙ දේවල් කරන්නෙ. අපි තේරුම් ගන්න ඕනෑ මේ අපේ උරුමය කියන කාරණය. බෞද්ධ සංස්කෘතිය තමයි ලංකාවේ උරුමය.

වසර තුන්සීයකට පමණ ඉහත දී සරණංකර සංඝරාජ හාමුදුරුවො බෞද්ධ ථෙරීය සම්ප්‍රදාය යළි ගොඩනගන්නට කලින් රටේ තිබූ පරිහානිය අපි කව්රුත් දන්නව.

බුදු දහම පරිහානියට යනවත් එක්ක මුළු සමාජ සංස්ථාවන්ම බිඳ වැටෙන බවට අපට අත්දැකීම් තියනව. මේ මූලධර්මවාදීන්ගේ අවසන් අරමුණ රට පරිහානියට යැවීමයි.

ඉන්දියාවෙ මහාචාර්ය වරයෙක් මෑතකදී කිව්ව කොටියා යනු පල්ලියේ සන්නද්ධ බලකායයි කියල. දැන් ජාත්‍යන්තරය පවා අවබෝධ කරගෙන ඉන්නව මේ තත්ත්වය පිළිබඳ . ඔය කියන සංකල්ප බෞද්ධ මනස්වලට ඇතුළු කරල ඔවුන් බලාපොරොත්තු වෙනදේ දැන් පැහැදිලියි.

සාකච්ඡා කළේ – බුද්ධික සමන් ගුණවර්ධන
ඡායාරූප – සමන් ශ්‍රී වෙදගේ