Home » පුවත් පත් ප්‍රකාශන » සංවිධානාත්මක කල්ලි රටට සරණාගතයන් එවනවා

සංවිධානාත්මක කල්ලි රටට සරණාගතයන් එවනවා

Sanwidhanathmaka Kalli - Hegoda Vipassi Thero

සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

එම නිවේදනය මෙසේය.
අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල පිරිසකගෙන් යුතු බෝට්ටුවක් පසුගිය 30 වෙනිදා ත්‍රිකුණාමලයේ වෙරළින් අත්අඩංගුවට ගත් බව නාවික මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

මාධ්‍යයන්හි වාර්තා වූ පරිදි මේ පිරිස මියන්මාර් (බුරුම) ජාතිකයන් බවත් එහි බෞද්ධ, මුස්ලිම් ගැටුම නිසා මීට වසරකට පමණ පෙර ඉන්දියාවට පලා ඇවිත් බවත් හෙළි විය. ඒ අනුව ඉන්දියාවෙන් ලංකාවට මොවුහු පැමිණ ඇත්තාහ.

මීට කළින් වාර්තා වූ පරිදි බංග්ලාදේශයෙන් මෙලෙස පැමිණි පිරිසක් බූස්සේදීද නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූහ. තවද වසරකට පමණ පෙර එක්දහස් පන්සියයක පමණ පිරිසක් සරණාගතයන් ලෙස අප රටට පැමිණ අනවසරයෙන් මීගමුවේ සැරිසරති.

එසේම පකිස්ථානයෙන් පැමිණි මූලධර්මවාදීන් පිරිසක් ස්වකීය ආගම ප්‍රචාරය කරමින් සිටින බවත් වාර්තා වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් ප්‍රකාරව මෙලෙස සරණාගතයන් ලෙස පැමිණි සැමට රැකවරණය සැලැස්වීමට බැඳී ඇති බැවින් මොවුන් මෙහෙයවන සංවිධානාත්මක කල්ලි එහි උපරිම වාසිය සලසා ගනිමින් නොදුරු අනාගතයේ අපේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ.

එම නිසා සරණාගතයන්ගේ වේශයෙන් අප රටට ඇතුළු වන මේ පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් ක්‍රියා කරමින් අනාගතයේ සිදුවිය හැකි මහා ව්‍යසනයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර රජය ගත යුතුයි.

 

උපුටා ගත් ලිපිය

//www.lakbima.lk/oldpapers/daliylakbima/2017/May/last_09_05_17/main.pdf