Home » පුවත් පත් ප්‍රකාශන » භික්ෂු බලය ස්වාධීන විය යුතුය

භික්ෂු බලය ස්වාධීන විය යුතුය

පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමියන් සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබුණි. එය දේශපාලනමය කතාබහක් වූවත් ඒ හේතුවෙන් මෙරට බෞද්ධ සමාජය මෙන්ම සංඝ සංවිධානයද මහත් කැළඹීමකට ලක් විය. ඊට හේතුව වන්නේ මෙම සිදුවීමට සම්බන්ධ වන්නා ගිහියෙකු නොවී භික්ෂූන් වහන්සේ නමක වීමයි.
කෙසේ වුවත්, මෙරට මාධ්‍ය මෙන්ම බොහෝ දෙනෙකුද දුටුවේ මෙම සිදුවීමේ මතුපිටින් පෙනෙන දේශපාලනමය සිතුවම පමණි. නමුත්, මෙම බෙන්ස් කාර් බලපත්‍රය විකිණීමේ කලබගෑනිය තුළ දේශපාලනමය නොවන, එහෙත් බුදු දහමේ පැවැත්මට බාධා පමුණුවන කරුණු කාරණාරැසක් ඇති බව අපි දුටිමු.

සන්නස අපි ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සිතුවෙමු. ඒ සඳහා රත්මලාන ධර්ම පර්යේෂණාලයේ පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ සමඟ එඩ්මන් රණසිංහ හා දිස්නා දිල්රුක්ෂි පැවැත්වූ සකච්ඡාවකි මේ.

ස්වාමීන් වහන්සේ :- දේශපාලනයට ගියාම භික්ෂූන් වහන්සේලාගේ චර්යා ධර්මයන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දේශපාලනය කියන්නේ පිරිමින්ට උරුම උන දෙයක්. කාන්තාවන් පවා දේශපාලනයට ගියොත් ඔවුන්ගේ කතාබහ, ගමනබිමන ලාළිත්‍යය වෙනස් වීතිබෙන ආකාරය අපට දැකගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. භික්ෂුවක් දේශපාලනයට ගියාම ඊට අවශ්‍ය කරනදේවල් හොඳ හෝ නරක සියල්ලක්ම සිද්ධ කරනවා. බුදුන් වහන්සේ දේශනා කරළා තියනවනේ සතර අගතිය කියලා දෙයක්. එතකොටභික්ෂුන් දේශපාලනයට යාමෙන් වන්නේත් සතර අගතියට යාම. ඡන්දය., ද්වේශය, මෝහය, භය කියන්නේ සතර අගතීන්ට. ඡන්දය කියන්නේ කැමැත්ත. ද්වේශය කියන්නේ ද්වේශ සහගත අයුරින් කටයුතු කිරීම. භය කියන්නේ තමන්ට කරදරයක් සිද්ධ වෙයිද කියන බය. මෝහය කියන්නේ මුළාව ඉතින් මේ වෙලා තියෙන්නේ මුලාවක් නේද? මේ දේශපානය ඛ්‍මක්‍රියටක භික්ෂූන් වහන්සේලා ප්රවිශ්ඨයක්ලබාගන්නේ විනයාලංකාර ක්රියාදාමය තුළ විනයාලංකාරයේ එදා සිටි භික්ෂුන් වහන්සේලා දේශපාලනයට එන්න ඕන කියලා තිබුනට ආවේනෑ. උන්වහන්සේලා හැම වෙලාවෙම බැලූවේ භික්ෂුවකගේ යුතුකම රජවීම නොවෙයි. රජුන් තැනීම කියලා, නමුත් අද වුනේ ඒක නෙවෙයි. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගියපු දවසේ ඉදලම ඇතිවුන ප්රතිඵල ඉතාම අහිතකරයි. ඒ නිසා හොඳම දේ තමයි භික්ෂුවකට උරුමවෙච්ච භූමිය තුළ ජීවත් වීම. අන්න එහෙම ජීවත් වෙනවා නම් අපට එකට එකතුවෙලා ඕනෑම පාලකයෙකුගේ හොඳ දේ අගය කරලා නරකදේ පෙන්නලා දෙන්නත් පුළුවන් වෙන්න ඕන. භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඈත්වෙලා අගතිගාමී නොවී කටයුතු කරන්න ඕන. ’’
E. රණසිංහ :- ‘‘ හාමුදුරුවනේ භික්ෂූන් වහන්සේලා දේශපාලයට ඇතුළත් වීම ඓතිහාසිකව වෙච්ච කරුණු ගොඩක් නේද? මුළින් තිබුණේභික්ෂූන් වහන්සේලා රජවරුන්ට උපදෙස් දෙන ක්රමයක්. නමුත් අපි විදේශිකයින්ට යටත් වුනාට පස්සේ ඒ වෙනස් වෙච්ච තත්ත්වය තුළභික්ෂූන් වහන්සේලා ඉදිරියටම අවනේ. කැරලි මෙහෙයවුවා තව තව දේශපාලන ක්රියාකාරකම් වල යෙදුනා. නිදහස ලැබුවට පස්සේ ආවනේජාතික හැඟීමක්. ඒ කියන්නේ සිංහළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වුන භක්ෂූන් වහන්සේලා පිරිසක් හිටියනේ. වල්පොළරාහුළ හමුදුරුවෝ, බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවෝ, හේන්පිටගෙදර හාමුදුරුවෝ ආදී වශයෙන් සිංහළ මිනිස්සුන්ගේ බෞද්ධයන්ගේඅයිතියන් එක්ක භික්ෂූන් වහන්සේලා ඉදිරියට එනවා. එතකොට මේ විදියට නේද මේ වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ’’
ස්වාමීන් වහන්සේ :- ‘‘ ඔව් ඒක එහෙම තමයි. නමුත් භික්ෂූන් වහන්සේලා කොයිම වෙලාවකවත් මේ විදියට දේශපාලනයට ගියේ නෑ. පාර්ලිමේන්තුවට ගියේ නෑ. එතෙන්දි උන්වහන්සේලා හැදුවේ දේශපාලනය කිරීම නෙවෙයි. කරන පාළකයන්ට උපදෙස් දීම. මධ්යස්ථවඉදගෙන උපදෙස් දීම. ඒකයි අදයි එදයි තිබුන වෙනස. ’’
දිස්නා :- ‘‘ දැන් බලන්න හාමුදුරුවනේ, බද්දේගම විමලවංශ හාමුදුරුවෝ. බණ්ඩාරනායක, චෙල්වනායගම් ගිවිසුම ඉරා දමන්න පෙරමුනගත්තු හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේලා සිංහළ බෞද්ධ කියන හැඟීම තුළ ඉඳගෙන කටයුතු කරපු භික්ෂූන් වහන්සේලා එතකොටහාමුදුරුවනේ මේ සිංහළ බෞද්ධ කම තුළ ඉඳගෙන දේශපාලනය කරන්න බැරිද ? ’’
‘‘කරන්න බැහැනේ. හේතුව තමයි මේ දේශපාලනය කියන්නේ අපට අගෝචර තැනක් අගෝචර දේ තුළ හිඳීමෙන් වෙන්නේ භික්ෂූන්වහන්සේලා වෙනස් වෙන එක. භික්ෂුත්වය කෙලෙසන එක. හොඳම දේ තමයි මධ්යස්ථව ඉඳගෙන කටයුතු කරන එක. ’’
E. රණසිංහ :- ‘‘ එතකොට හාමුදුරුවනේ පාර්ලිමේන්තුවට ගිහින් බළවේගයක් හැටියට එක්වෙලා දේශපාලනය කරන්න බැරිද? ’’
ස්වාමීන් වහන්සේ :- බැහැනේ. අපි කියමු බැරිවෙලා හරි ශීරි ලංකාවේ ඉන්න බහුතරයක් සිංහළ බෞද්ධයෝ එකතු වෙලා භික්ෂූන්වහන්සේ කෙනෙක් ජනාධිපති කලා කියලා. උන්වහන්සේගෙන් පාර්ලිමේන්තු කණ්ඩායමක් හැදුවා කියලා. රජය අපට පාලනය කරන්නපුළුවන්ද? ඒක යුක්ති සහගතද? හමුදාවලට අණ දෙන්න තියනවා. මස් මාංශ භාවිතා කරන්න වෙනවා. වැරදි කරුවන්ට දඬුවම් දෙන්නවෙනවා. මේ වගේ දේවල් නොකර ඉන්න පුළුවන්ද රාජ්ය පාලනයක් තුල. ඉතින් ඒ ප්රවිශ්ඨය වැරදියි.
E. රණසිංහ :- ‘‘ එතකොට හාමුදුරුවනේ දැන් උපදෙස් දීලා, දීලා අහන්නේ නැතිනම්. අපිම ගිහින් මේක කරන්න ඕනද කියන හැඟීමක්තුළ ආවනම් එකත් වැරදියිද? ’’
ස්වාමීන් වහන්සේ :- ‘‘ හොඳයි අපි කියමු එවැනි හැඟීමක් තුළ ආවා කියලා. දැන් මේ 2004 ඉදලා මේ වනතෙක් වෙච්ච ක්රියාදාමය දිහාබලලා වෙන්නේ මොකද්ද කියලා හිතලා බලන්න ඕන. පාර්ලිමේන්තුවට පත්වුන වෙලාවේ මහා විශාල කලබැගෑනියක් ඇති වුනා. භික්ෂූන්වහන්සේගේ ප්රතිඥාව මේකයි කියලා පෙන්නුවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුළු දෙයක් සඳහා විශාල දෙයක් විනාශකරන්න එපා කියලා. අපි හැම වෙලාවකම සුළු දේ අතෑරලා තමයි විශාල දේ රැක ගන්නේ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ? මහත්තයෝ, මේ දේශපාලනයට ඇවිත් තියෙන්නේ සුළු පිරිසක්. බුදුන් වහන්සේගේ කාලෙත් මෙවැනි අය හිටිය. බුදුන් වහන්සේ පනවපුනීති රීති උල්ලංඝනය කරපු අය ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. මොන හැඟීමකින් ආවත් දිගින් දිගටම භික්ෂුත්වයටහානි වෙන දේවල් වෙනවනම් ඒක නවත්තන්න ඕන. ’’
E. රණසිංහ :- හාමුදුරුවනේ දැන් මේධානන්ද හාමුදුරුවෝ කියනවා පක්ෂයේ උවමනාවට ඔය කියන වාහන බලපත්රය ගත්තයි කියලා. කොහොම උනත් දැන් මේක මහා ලොකු ආරවුලක් බවට පත්වෙළා. එතකොට හාමුදුරුවනේ මේ ඇතිවෙලා තියෙන ප්රසිද්ධ අරවුල කොයිවිදියට බලපායිද බුද්ධ ධර්මයටත්, සංඝ සමාජයටත්? ’’
ස්වාමීන් වහන්සේ :- බුද්ධ ධර්මය නම් වෙනස් නොවන මූළධර්ම වලින් නිර්මාණය වුන එකක්. නමුත්, බුදු දහම කියන දේ සමාජයේජීවමාන තත්ත්වයක පවතින්නේ භික්ෂුව නිසා. භික්ෂූන්ගේ ආකල්ප නිසා තමයි එදා සමාජයේ බුදු දහම රැකුණේ. ඉතින් මේ තියනතත්ත්වය කොහොමටවත් හොඳයි කියලා කියන්න බෑ. මොන ආකාරයකින් ගත්තත් ඔය රාජ්ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමක් නේ. උන්වහන්සේලා එදා කීවා වංචාව බොරුවට එරෙහි වෙලා ධර්ම රාජ්යයක් ගොඩ නඟනවා කියලා. ඉතින් ඒ දේවල් ම කියලා ප්රතිඥා දිදීඋන්වහන්සේලාම ඒක කරනවා. මේ තියන දේශපාලන රටාව තුළ උන්වහන්සේලා වෙනස් වුනේ නෑ. දැන් අද ඒ භික් ෂූන් වහන්සේලාගේලැඡ්ජා භය නැති වෙලා තියනවා. ලැඡ්ජා භය කියන්නේ ලෝක පාළක ධර්ම භික්ෂුවට ඒක ඉහළින්ම තියෙන්න ඕන. ඒත් දැන් පේනවනේකතා කරන හැටි. ඒත් ඉතින් මේක තමයි දේශපාලනය. භික්ෂූන් දේශපාලනයට යෑමේ පරමාර්ථයම තමයි එක්කෝ ලාභ සත්කාර එහෙමනැතිනම් චරිත විදියට ඉස්මතු වෙන එක. අපිත් යමක් කරා කියලා සමාජයට කියන්න තියෙන උවමනාව. ’’
දිස්නා :- ’‘ හාමුදුරුවනේ, මට මෙහෙමත් හිතෙනවා. දැන්, භික්ෂූන් වහන්සේලා කියන්නේ බෞද්ධයින්ට පරමාදර්ශී චරිතනේ. එතකොටඋන්වහන්සේලාම මේ කෝටි ගණන් දීලා බෙන්ස් පාවිච්චිකරන, ගොඩක් සංකීර්ණ බහු භාණ්ඩ පරිහරණය කරන ජීවිතයක් ගෙවනවා නම්අනෙක් ගිහියන් කොහොමද උපදෙසක්වත් දෙන්නේ. අල්පේච්ඡු තාවයෙන් ඉන්න කියලා. ’’
ස්වාමීන් වහන්සේ :- ‘‘ ඔව්. ඒක තමයි. ඕකනේ කියන්නේ. කියනවා විතරයි. ක්රියාත්මක වීමක් නෑ… ’’
E. රණසිංහ :- ‘‘ එතකොට ඔබ වහන්සේ කියන්නේ භික්ෂූන් වහන්සේලාට තිබුණ ආදර්ශයක් වෙන්න අනිත් මන්තී්ර වරුන්ටත් රටටත්. ඉතාම සරල විදියට දේශපානය තුල හැසිරෙමින්. හාමුදුරුවනේ භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේනතුව ඇතුළේ සරළ ජීවිතයක් ගෙවන්නඅවකාශයක් තියෙනවද? ’’
ස්වාමීන් වහන්සේ :- ‘‘සරළ ජීවිතයක් ගත කරන්න පුළුවන්නේ. භික්ෂුවට ගත කරන්න පුළුවන්නේ ඇයි බැරි? දැන් මේ හැම දෙයක්මකණපිට පෙරළිලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේ කියන්නේ කවුද? උන් වහන්සේලාගේ චර්යා ධර්මයන් සකස් වෙන්න ඕන. කොහොමද? මේ කිසිම දේක අවබෝධයක් අද නෑ. බොරු කියන්න වෙල තියෙනවා භික්ෂූන්ට. එක බොරුවක් නිවැරදි කරන්න. තවත්බොරු දහසක් කියන්න වෙලා තියනවා. ඒකෙන් හෑල්ලූවට ලක්වෙන්නේ කවුද? ඒ නිසා මේ කරන දේවල් කොහෙත්ම හොඳයි කියන්නනම් බෑ. වැරදිම තමයි. අපි බුදු දහමේ තියන මූළධර්ම හදුනා ගන්න ඕන. මොකද්ද භික්ෂුවගේ කාර්ය භාරය? අපි ඒවා අවබෝධ කරගන්න ඕන. දැන් ඉතිහාසය දිහා බලපුවාම භික්ෂූන් වහන්සේලා රජ වුනේ නෑනේ. රජුන්ට උපදෙස් දුන්නා විතරනේ. කොහොම කතාකරත් අපිට ඕන තරම් සාක්ෂි තියනවා කියන්න මේ පටු පරමාර්ථ උදෙසා යන ගමනක්. භික්ෂුවකට තියෙන්න ඕනා උදාර පරමාර්ථ. හදවතේ එකක් තියාගෙන පිටතින් තව දෙයක් පෙන්වන එක සුදුසු නෑ. නමුත් මේක තමයි අද වෙලා තියෙන්නේ.
E. රණසිංහ :- ‘‘ හාමුදුරුවනේ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට එනවට බෞද්ධයෝ විරුද්ධ වුනේ නෑ. මේ නිසාම භික්ෂූන්ට තිබුනානේද? බෞද්ධ ආකල්ප තුල ඉදගෙනම මේ බෞද්ධයන්ගේ අවශ්යතාවයන් ඉටු කරන්න. ’’
ස්වාමීන් වහන්සේ :- බෞද්ධයෝ විරුද්ධ උනේ නෑ නෙමෙයි. විරුද්ධ වුනා. බෞද්ධයෝ විරුද්ධ වුනේ නැත්නම් මේ ඉල්ලපු ඔක්කොමයන්න ඕන පාර්ලිමේන්තුවට. නාගරික ජනතාව තමයි ඕකට මූලික වෙලා කටයුතු කලේ. ඉතින් කොහොම හරි උන්වහන්සේලා ඕකටගිහින් මොනවද කලේ? හේතුඵලවාදය අනුව බලපුවාම ලැබුන ඵලය මොකද්ද? භික්ෂූත්වයට නොහොබිනා රටට නොහොබිනා චර්යාධර්මයන් ඇති වුනා. තවත් ඉතින් ඉදිරියටත් ඔය දේම තමයි වෙන්නේ.
දිස්නා :- ‘‘ හාමුදුරුවනේ, දැන් බෞද්ධයෙක් තුල තියනවනේ බුදු දහම රැක ගන්න ඕන බෞද්ධ අයිතිවාසිකම් දිනා ගන්න ඕන කියලාමතයක්. එහෙම නම් ඒක ඉස්සරහට ගෙනියන්න භික්ෂූන් වහන්සේලාට කරන්න කාර්ය භාරය කුමක් කියනවා කියලයි මට නම්හිතෙන්නේ.
ස්වාමීන් වහන්සේ :- ‘‘ ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි අපි පක්ෂග්රාහී නොවී මධ්යස්ථව ඉන්න එක මධ්යස්ථව ඉඳගෙනවැරදිදේ පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ගණන් බලලා තියන විදියට ලංකාවේ ඉන්න භික්ෂූන් වහන්සේලාගේ ප්රමාණය 40,000 ක්විතර මේ 40,000 ම නෙවෙයි අඩුම තරමේ භික්ෂූන් වහන්සේලාගෙන් 75% කටවත් එක අදහසකට එන්න පුළුවන් නම් ඒකරාශී වෙන්නපුළුවන් නම්, ඒක තමයි බලය වෙන්නේ. ඒක රජ වීම නෙමෙයි. දැන් හෙළ උරුමය පක්ෂයක්නේ. දැන් ඒ පක්ෂයට අවශ්ය පෝෂණය ලබාගන්නවා මිසක සමස්ථයට අවශ්ය පෝෂණය ලබා ගන්නේ නෑනේ. භික්ෂූන් වහන්සේලාගේ ක්රියාදාමයත් අනෙකුත් දේශපාලන පක්ෂ වලක්රියා දාමයත් සමානයි. ඕකෙන් වෙන්නේ තව අවුරුදු 10 ක් 15ක් යනවිට පළාත් සභා වලට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්වෙයි. අමාත්යාංශවල භික්ෂූන් වහන්සේලා වැඩ කරයි. ග්රාමසේවක කමටත් ඉල්ලයි. ඕක තවත් වර්ධනය වුනාට පස්සේ පේව්මන්ට් වල බඩුකිරන තත්ත්වයට පත්වෙයි භික්ෂූන් වහන්සේලා. ඒ නිසා මේ දේවල් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් කමක් නෑ අද ලෝකයවෙනස් වෙලා සමාජය වෙනස් වෙලා කියලා. ඒක නෙවෙයි වෙන්න ඕන. දැන් ඔන්න භික්ෂූන් වහන්සේලා දේශපාලනයට ගිහින් ගෙනාවාආගම් පනතක්. වැරදිලා හරි ඕක සම්මත වුනොත් මොකද වෙන්නේ. ලෝකේ අපිට බුද්ධාගම පතුරුවන්න තියෙන පුළුවන් කමත් නැතිවෙනවා. මේවා ඉතා පටු පරමාර්ථවලින් කරන්නේ. බුද්ධිමත්ව හිතලා බලලා කරන දේවල් නෙවෙයි.
දැන් අපේ සාමණේරයන් වහන්සේලා මට කියපු දෙයක් තියනවා. ඒ තමයි දැන් සමහර බස් උන්වහන්සෙලාට නවත්වන්නේ නැතිලූ. අඩුමගානේ මේ පිළිබඳව වත් පාර්ලිමේන්තුව ඇතුලේ හඬක් නඟලා තියෙනවද? මොනවද භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරල තියෙන්නෙ.
E. රණසිංහ :- එතකොට භික්ෂූන් වහන්සේලා මේ ක්රමයට පිටින් ඉඳගෙන බලයක් විධියට ගොඩ නැගිලා දර්ශණයක් හදාගෙන ඒ දර්ශනයක්රියාත්මක කරන්න උත්සාහ ගන්න එක වරදක් නෙවෙයි කියලයි ඔබ වහන්සේ කියන්නේ.
ස්වාමීන් වහන්සේ :- ‘‘ ඔව් ඒක වරදක් නෑ. බුද්ධ දේශනාවට අනුව ගොඩක් රාජ්ය පාලනයට අවශ්ය කරුණු කියලා දීලා තියනවා. නමුත්ඒවා අගතිගාමී දේශනාවල් නෙවෙයි. අනිත් එක් අපි බෞද්ධයෝ උනයි කියලා බුදුදහම තියෙන රටක්ය කියලා හැමදේම මෙහෙ කරන්නපුළුවන් කමක් නෑ. ඒකෙන් වෙන්නේ අපි ලෝකයා වශයෙනුත් අගතිගාමී වෙන එක.
E. රණසිංහ :- එතකොට හාමුදුරුවනේ දැන් අද පවතින සමාජයේ බෞද්ධයන්ට විවිධ බලපෑම් එල්ල වෙනවනේ. නවීන තාක්ෂණිකඋපක්රම භාවිතයෙන්, වෙනත් විවිධ මතවාද වලින් වගේ මේ දේ වෙනවනේ. මේක බුදු දහම විනාශ කිරීෙමේ අරමුණින් හරි බෞද්ධයාවිනාශ කිරීමේ අරමුණින් හරි වෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට භික්ෂූන් වහන්සේලාව මේ වෙනුවෙන් කරන්න ලොකු දෙයක් තියනවාකියලයි.
ස්වාමීන් වහන්සේ :- කරන්න පුළුවන් එක දෙයක් තියනවා. ඒ තමයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දෙවන පරිච්ෙඡ්දයේ බුද්ධාගම කියනකොටසේ, ඒකෙ තියනවා රජයේ වගකීම තමයි, බුදු දහම පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම හා සුරක්ෂණය කිරීම කියලා. නමුත් ඔයවගන්තියේ තිබුණට ශාසනය කියන්නේ මොකද්ද? පෝෂණය කරනවා කියන්නේ මොකද්ද? සුරක්ෂණ කරනවා කියන්නේ මොකද්ද කියනඒක අර්ථ දක්වලා නෑ. පුළුවන් නම් භික්ෂූන් වහන්සේලා වශයෙන් මෙන්න මේක ශාසනය, පෝෂණය හා සුරක්ෂිත කියන්නේ මොකද්දකියන එක් අර්ථ දැක්වුවොත් අන්න ඒක තමයි කරන්න පුළුවන් දීර්ගකාලීනම ශාසනික සංග්රහය. දැන් ශාසනය කියපුවාම අර්ථ දක්වන්නපුළුවන් මහා විශාල උගත් පිරිසක් ඒකරාශී වෙලා පෙළ, අටුවා, ටීකා ඔස්සේ ශාසනය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ශාසනයේයම් යම් ක්රියාදාමයන් වෙනස් වෙනවා. ඒවාට කොහොමද අපි පිළිතුරු දෙන්නේ. පෝෂණය කරනවා කියන්නේ කුමක්ද? මෙන්න මේවාඅර්ථ දැක්වුවහොත් ඔයිට වඩා විශාල විපර්යාසයක් ඇති කරන්න පුළුවන්. ඒ ක්රියාදාමය අවුරුදු දහස් ගණනකට බලපවත්වනවා. අපිගොඩක් වෙලාවට වරද්දගෙන තියනවා ශීලය හා විනය කියන එක. බොහෝ දෙනෙක් හිතන්නේ මේ දෙකම එකක් කියලා. නමුත් එහෙමනෙවෙයි. විනය කියන එක වෙනස් වෙනවා කාලයෙන් කාලයට. ප්රදේශයෙන් ප්රදේශයට. වෙනස් විය යුතුයි. එහෙම වුනේ නැත්නම්පැවැත්මක් නෑ. දැන් අපි ඒ කාලේ පයින් ගියේ. අද පයින් යන්න අවශ්යතාවයක් නෑ. ඒ දවස්වල පිණ්ඩපාතේ ගියා. නමුත් අදපිණ්ඩපාතයේ යන්න අවශ්යතාවයක් නෑ. දානේ පන්සලට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි විනය. නමුත් අද සමාජයේ විවිධ අය වැරදිදේවල් කරනවා කියලා අපිත් ඒ දේවල් කරනවද? නෑ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි ශීලය. වෙනස්වීම් ඒ ඒ වකවානු වලටකොහොමද ඔබින්නේ කියන එක අර විග්රහය තුලින් කරන්න පුළුවන්.
E. රණසිංහ :- එතකොට භික්ෂූන් වහන්සේලා වෙනම බලවේගයක් විය යුතුය.
ස්වාමීන් වහන්සේ :- ඔව්. බලවේගයක් විය යුතුයි.
E. රණසිංහ :- විනය හා ශීලය තුළ.
ස්වාමීන් වහන්සේ :- ඔව්. බලවේගය කියන්නේ කාවවත් පහත් කරන්න හෝ උස්සන්න හෝ කරන බලවේගයක් නොවෙයි. නිවැරදිබලවේගයක්.
දිස්නා :- ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා මධ්යස්ථ වෙන්න ඕන.
ස්වාමීන් වහන්සේ :- ඔව්. මධ්යස්ථව අදහස් ප්රකාශ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. දැන් විනයධර ධර්ම ධර කියලා මේ මාධ්ය වලින්ඇතැම් භික්ෂූන් වහන්සේලා උලූප්පා දක්වලා තියනවා. උන්වහන්සේලා තමයි මේ මතයත් අරගෙන යන්නේ. ඇතැම් භික්ෂූන් වහන්සේලාඅපි හොඳටම දන්නවා. විශ්ව විද්යාලයේ සමකාලීනයි. විශ්ව විද්යාල ශිෂ්යයින් වෙනුවෙන් යම් යම් දේ කරන විට, උන් වහන්සේලා හොරපාරේ ගියා. සමාජයේ ඒ වගේ දේකටවත් පෙනී නොසිටි අය හා හා පුරා කියලා මේ මොකටද මේ ආවේ. ඔය ඉන්න කිහිප දෙනෙක්මඑහෙමනේ. මොන දැනීමකට ද දේශපාලනය කරන්න ඇවිත් තියෙන්නේ.
E. රණසිංහ :- එතකොට ඔබ වහන්සේ කියන්නේ භික්ෂූන් වහන්සේලා මේ දේශපාලන ක්රියාවෙන් ඉවත් වෙන්න ඕන කියලද.
ස්වාමීන් වහන්සේ :- ඔව් දැන් වුනත් අයින් වෙන්න. ඕන. පුළුවන් වුනොත් අඩුම තරමේ භික්ෂූන් වහන්සේලාගේ ඡුන්ද අයිතිය හරි නැතිකරන්න, ඒක තමයි වෙන්න ඕන. හරිනම් භික්ෂූන් වහන්සේලාට ඡුන්දය දෙන්න බෑනේ. දේශපාලනයෙන් අයින් වුනොත් මීට වඩා ලොකුදෙයක් කරන්න පුළුවන්.
E. රණසිංහ :- එතකොට හාමුදුරුවනේ මේ සංඝ සමාජය තුළත් විවිධ ගැටීම් ප්රශ්ණ තියනවා. එතකොට මේවා විසඳාගන්න ක්රමයක්නැද්ද? ස්වාමීන් වහන්සේලා එකතුවෙලා මේ ප්රශ්ණ විසඳා ගත යුතුයි කියලයි මම කියන්නේ.
ස්වාමීන් වහන්සේ :- සියයට සියයක්ම ඕවා විසඳගන්න නම් බැහැ. නමුත් මේවා අවම කර ගන්න ඕන. අවම කරගන්න නම් අපේ පැරණිමහ තෙරුණ් වහන්සේලා අනුගමනය කරපු ක්රම අනුගමනය කරන්න ඕන. බුදුන් වහන්සේත් දේශනා කරලා තියනවා. ලාභ සත්කාරවැඩිවීම, කීර්ති ප්රශංසා වැඩිවීම. විවිධ විෂයන් කෙරෙහි දැනුම වැඩිවීම මේ ආදිය භික්ෂූන් වහන්සේලාගේ පිරිහීමට හේතු වෙනවා කියලා. ඒවා හේතු වුනාට මේ නමින් සමාජයේ යම් කිසි විධිමත් ක්රියාමාර්ගයක් ඇති කරන්න පුළුවන්. නමුත් ඒක කරලා නෑ. අපි මේ හණමිටියකර තියාගෙන යන ඈයෝ වෙලානේ. ලංකාවේ සුද්දා යටත් කර ගන්නකම් භික්ෂූන් වහන්සේලා විහාරාධිපති වශයෙන් පත්වෙලා හිටියෙනෑ. සුද්දෝ ජනතාව හා භික්ෂූන් වහන්සේලා අතර තියෙන සම්බන්ධතාවය බිඳවට්ටන්න යම් යම් ක්රියාමාර්ග කළා. ඉන් එකක් තමයි. මේවිහාරාධිපතිකමට පත් කිරීම. එතකොට ඒක තවයි මේ ශාසනයේ බෙදීමට හේතුවෙලා තියෙන්නේ. විහාරස්ථාන පෞද්ගලීකරණය කළා. මේවා අපට දැන් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. නමුත් මේවට යම් කිසි ක්රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් ලොකේ දියුණුයි. මේදියුණු ක්රම වලින් සන්නිවේදනය කරන්න පුළුවන්නේ බොහොම ඉක්මනට. අපිට පුළුවන් ඒක ප්රයෝජනයට ගන්න.
E. රණසිංහ :- එතකොට ඔබ වහන්සේ නායක පදවි ආදිය අනුමත කරන්නේ නෑ. ඔබ වහන්සේ කියන්නේ ඒක නිසා හානියක් උනාකියලා.
ස්වාමීන් වහන්සේ :- ඔව්. අද ලංකාවේ ගත්තම නායක ස්වාමීන් වහන්සේලා 32 නමක් විතර ඉන්නවා. උන් වහන්සේලාට විශාල බලයක්තිබෙනවා. ඒ වුනාට උන්වහන්සේලා නායක කමෙන් බැබළෙනවා විතරයි. නායක නමක් තිබුනට නායක කමක් නෑ. උන්වහන්සේල බලයනියම අකාකාරයට ප්රයෝජනයට ගන්නේ නෑ.
දිස්නා :- බුද්ධාගම වෙනුවෙන්
ස්වාමීන් වහන්සේ :- ඔව්. බුද්ධාගම වෙනුවෙන් තියෙන්නේ සමස්ථ සමාජයටම. දැන් බලන්න මහා නායක හාමුදුරුවරු හැම දෙනෙක්ම, හැම කෙනෙක්ම අනුමත කරනවා. ඒකනේ වෙලා තියෙන්නේ. උන්වහන්සේලා මධ්යස්ථ නෑනේ. මොකද මේ. ලාභ සත්කාරබලාපොරොත්තුවෙන්.
E. රණසිංහ :- එතකොට ඔබ වහන්සේ කියන්නේ නායක පදවි වලින් ප්රයෝජන ගන්න ඕන බුද්ධාගම වෙනුවෙන්.
ස්වාමීන් වහන්සේ :- ඔව්. දැන් බලන්න නායකයා කියන්නේ යහපත් අරමුණු සඳහා පමුණුවන පුද්ගලයා. අද එහෙම තියනවදනායකත්වයක්. එහෙම එකක් නෑ උන්වහන්සේලාගේ. එතකොට බදු දහමේ තියෙන මූළධර්ම අඩුම වශයෙන් භික්ෂූන් වහන්සේලා ලෙසඅපිවත් පිළිපදිනවනම් මේක සමාජයට ප්රවිෂ්ඨ කරන්න පුළුවන්. එහෙම වෙලා නෑ.
දිස්නා :- එතකොට ඔබ වහන්සේ කියන්නේ වගකීම විය යුත්තේ. දැන් ඔබ වහන්සේ කියපු දේ.
ස්වාමීන් වහන්සේ :- ඒක තමයි විය යුත්තේ. ඒ වගකීම හරහා ආර්ථිකයට, සමාජයට, දේශපාලනයට මේ හැමදේටම ව්යප්ත කරන්නපුළුවන්. හැම වෙලාවෙකම අපි, මධ්යස්ථව ඉඳගෙන ඒ ගන්න ක්රියාමාර්ග ගන්න ඕන.
E. රණසිංහ :- දැන් හාමුදුරුවනේ අපිට කියනවනේ ප්රශ්ණයක් මේ ළ්.ඨ්.ඨ්.E ප්රශ්ණය ඉතින් හැමදාම මේ ප්රශ්ණය තියෙනනත් බෑනේ. මේකට විසඳුමකුත් තියෙන්න එපායෑ.
ස්වාමීන් වහන්සේ :- මහත්තයෝ. මේ යුද්ධය කියන එක හැමදාම තිබුන දෙයක්. හැමදාම හැමකෙනෙක්ම කරපු දෙයක්. පැරණි පොත පතවිශේෂයෙන්ම ඔය කෞටිල්ය අර්ථ ශාස්ත්රය, පංච තන්ත්රය වගේ පොත් පත් වල තියනවා ඕනෑම නායකයෙකුගේ පාලන කාලය දීර්ඝකිරීමට නම් යුද්ධයක් තියෙන්න ඕන කියලා. ඒ තුළින් ජනතාව අතර පැන නඟින ගැටළු මර්දනය කරන්න පුළුවන්. අහිතක් නොවන විදියට. ඒක තමයි අදත් සිද්ධ වෙන්නේ. යුද්ධය කියන දේ හැම කෙනෙකුගේම උදර පෝෂණය සඳහා භාවිතා කරනවා මිසක් කිසිම කෙනෙක් දැනටමේ පිළිබඳව විධිමත් ලෙස අධ්යයනය කරලා ප්රවිෂ්ඨයක් ලබාගෙන නෑ. යුද්ධය නම් යුද්ධයෙන් විසඳන්න ඕන. දැන් 71 කැරැල්ල එහෙමඋනා. ඒත් ඉතින් ඕක රාජ්ය පාලකයන්ගේ වැඩක්නේ. භික්ෂූන් වහන්සේලා ඕකට මැදිහත් වෙන්න යන්න ඕන නෑ.
E. රණසිංහ :- අවසානයේදී මොකක් වෙන්න ඕන කියලද ඔබ වහන්සේ හිතන්නේ
ස්වාමීන් වහන්සේ :- මේකයි. මං හිතන්නේ ගිහි පැවිදි උගත්තු එකතුවෙලා බද්ධිමය මණ්ඩලයක් හදන්න ඕන. ඒ කියන්නේ ජනතාවටනිවැරදිව මේ තත්ත්වේ කොහොමද අවබෝධ කරලා දෙන්නේ කියලා හඬක් නඟන්න පුළුවන් දෙයක්. එතකොට මේ වගේ බුද්ධිමයමණ්ඩලයක් තිබෙුණොත් පාලකයන්ට හා ඔවුනගේ යම් යම් තීරණ වලට අභියෝග කරන්න පුළුවන් වෙන්න මේ දේ වැරදියි කියලා. ඉතින්ඒක ඔවුන්ට පිළිගන්න වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති කරන්න අපේ මාධ්ය භාවිතා කරනවා නම් යම් වෙනසක් ඇති වෙයිකියලා අපි හිතනවා. මේ දේවල් තැන තැන වෙනවා. නමුත් ඒකරාශී වෙලා නැති එකයි තියෙන්නෙ.
E. රණසිංහ :- සංඝයා වහන්සේට පමණක් වුනත් මේ විදියට බුද්ධි මණ්ඩලයක් හදන්න පුළුවන් හාමුදුරුවනේ.
ස්වාමීන් වහන්සේ :- ඔව්. සංඝයා වහන්සේලාට ඒක කරන්න පුළුවන් මූලිකම දේ භික්ෂූන් වහන්සේලා එකතු වෙලා නෑ. උන්වහන්සේලාඅතර තිබෙන සුළු සුළු වැරදි කරණා නිවැරදි වෙන්න ඕන. සියළු භේද අතෑරලා උන්වහන්සේලා එකතු වෙන්න ඕන.
E. රණසිංහ :- එතකොට හාමුදුරුවනේ මට මේ කතාවෙදී වැටහුන දෙයක් තමයි ඔබ වහන්සේ කියන්නේ සියළුම නායක භික්ෂූන්වහන්සේලා හා අනෙකුත් භික්ෂූන් වහන්සේලා එකට එකතු වෙල ප්රබළ මාධ්යයක් හරහා මේ සමාජය තුළ යම් මතයක් නිර්මාණයකරන්න පුළුවන්. කොටින්ම සමාජය යහපත් කරන්න මාර්ගයක් හදන්න පුළුවන්. ඒකට දේශපාලනය කරන්න අවශ්ය නැහැ කියන එක.
ස්වාමීන් වහන්සේ :- ඔව්. මහත්තයෝ. භික්ෂූන් දේශපාලනයට යාමෙන් වෙන්නෙත්, වුනෙත් අවැඩක්ම තමයි. ඊට වඩා මහා විශාල දෙයක්කරන්න පුළුවන් දේශපාලනයෙන් පිට ඉඳගෙන. ඒක තමයි මගේ හැඟීම.
සාකච්ඡා මෙහෙයවූවේ :- දිස්නා දිල්රුක්ෂි බණ්ඩාර