Home » පුවත් පත් ප්‍රකාශන » ආගම මුසු නව දේශපාලන ක්‍රමයක්

ආගම මුසු නව දේශපාලන ක්‍රමයක්

අප ගියවර ලිපියෙන් සාකච්ඡා කලේ දේශපාලනයට ධර්මය එක් කර ගනිමින් නව දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම පිළිබදවය. ඒ පිළිබද පාඨක ඔබෙන් ලද ප්‍රතිචාර ඉමහත්ය. මෙවර සාකච්ඡාවට පාදක වන්නේද එම තේමාවයි.

එඩ්මන්ඩ් රණසිංහඑංගලන්තයේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන විලියම් පිට් කියල තියෙනවා නීතිය අවසන් වන තැන අඥාදායකත්වය අවසන් වන බව. ඒ වගේම ජෝන් වොලී කියන රාජ්‍ය තාන්ත්‍රිකයා කියලා තියෙනවා දේශපාලනය හා සදාචාරය වෙන් වෙන්ව සලකන්නවුන් මින් එකක් ගැනවත් කිසිදාක කිසිම අවබෝධයක් නොලබනු ඇත කියලා. ඒ රටවලිනුත් අපේම කලාපයෙනුත් අපට අපේ දේශපාලන ක්‍රමය ගොඩනගා ගන්න ඕන ධර්මය මොකද්ද කියන දේ පිළිබදව අදහසක් ගන්න පුළුවන්. රාධක්‍රිෂ්ණන් මහාචාර්ය වරයා කියපු දෙයක් තියනවා. ධර්මයෙන් තමයි සමාජය බැදල තබන්නේ කියලා.ධර්ම ඒවා හාතෝ හන්තී ධම්මෝ රක්ෂිතාමේක සංස්කෘත පාඨයක්.

විපස්සි හිමි – ඔව්. බුදුහාමුදුරුවන්ගේ දේශනාවලත් මේ කරුණ සදහන් කරලා තියෙනවා. ඒ දේශනාවන් පදනම් කොට ගෙන තමයි මේ සංකල්පනාවන් ගොඩනැගිල තියෙන්නේ. අපට ඉතා අවශ්‍ය කරුණ මූලික සිද්ධාන්තයන් ත්‍රිපිටකය තුල තියෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරීධර්මය කියන්නේ යුතුකම මනුස්සකම් කියන දේවල්. ඒ දේවල් රැකෙනවා කියන්නේ තමන් රැකෙනවා කියලා. තමන් රැකෙනවා කියන්නේ සමස්ථයම රැකෙනවා කියන එක. එහෙම රැකීමක් අද වෙන්නේ නෑ. අපි හිතන්නේ තමන්ගේ සුඛ විහරණය සදහා සියළුම භෞතික සම්පත් තමන් ගන්න ඕන කියලා. මේ දේවල් ගන්නෙම වැරදි සිතු‍විල්ලෙන්. මේකෙන් වෙන්නේ සමාජ ‍විනාශයක්මයි.

එඩ්මන්ඩ් රණසිංහ – ධර්මය තමයි අප මෙහෙයවන බලවේගය. අපි මේ සාකච්ඡා මාලාවෙන් කථාකරපු දේවල් දිහා බලපුවහම පේනවා ධර්මය මත දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ හැකියාව අපේ රටට තියෙනවා කියලා. අපි කොහොමද මේක කරන්නේ.


දිස්නා බණ්ඩාර – එතනදි මගේ අදහස නම් මේ දේ කරන්න එක් බලවේගයක් සිටිය යුතුය. මේ සාකච්ඡා මාලාව තුල අපි කීව වගේ එහෙම පිරිසක් ඉන්නවා නම් ඒ භික්ෂූන් වහන්සේලා විතරයි. අපේ වගේ රටක ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාට විතරයි.


විපස්සි හිමි – ඒකම තමයි මගේ අදහසත්.


එඩ්මන්ඩ් රණසිංහ – එහෙම බලවේගයක් ඇති වෙයිද? ප්‍රශ්ණය එතනයි තියෙන්නේ.


විපස්සි හිමි – ඔව් ඒක තමයි ප්‍රශ‍්නෙ


එඩ්මන්ඩ් රණසිංහවෙනසක් අවශ්‍යයි කියලා ඉස්සෙල්ලා ජනතාවට හිතෙන්න ඕනේ. ඒකටත් යම්කිසි සමාජ දේශපාලන අවබෝධයක් ඕනනේ. එතකොට මේක නිතරම ජනතාව අතර කිදාබහින්න ඕන. රතකොට මේ වෙනස ඇතිකරන්නේ කොහොමද?


දිස්නා බණ්ඩාර – මේ රටේ විශාල පිරිසක් ඒකට එකතු වෙන්න ඕන. ජනතාව, භික්ෂුන් වහන්සේලා, ජනමාධ්‍ය, විශ්ව විද්‍යාල පද්ධතිය, ආදී වශයෙන්.


විපස්සි හිමි – ඕව්. ඒක ඇත්ත. කෙනෙක් නායකත්වය ගන්න ඕනේ. ඒ නායකයා අධ්‍යාත්මික නායකයෙක් වෙන්න ඕනේ. ලංකාව තුල ඒ අධ්‍යාත්මික නායකත්වයේ නියමුවා භික්ෂූන් වහන්සේ. අනිත් එක අපි නිතර නිතර කියපු දෙයක් තමයි දේශපාලන නායකත්වයට බෞද්ධ දර්ශනය ආවා කියලා අනෙක් ආගමික පදනම් බිද වැටෙන්නේ නෑ. අනෙකුත් පාක්ෂිකයන්ගේ හැලහැප්පීම් ඇතිවන්නේ නෑ. හේතුව බුද්ධ දර්ශණය තුල කොහෙත්ම මිනිස්සු මරන්න කියලා නෑ. නමුත් යම් ‍යම් දේවල්වලට දඩුවම් දෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා රජකම් කරන්න යන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා රජවරු හදපු එකයි කලේ. අදටත් අවශ්‍ය ඒකයි.


එඩ්මන්ඩ් රණසිංහ – දැන් මෙහෙම බලවේගයක් හැදුන කියමුකෝ. එතකොට දේශපාලනය කරන අය හිතන්න පුළුවන් අපි ඒ අයට විරුද්ධ වෙනවා කියලා. ඒ ගැනත් යම්කිසි අවබෝධයක් ඇතිකරන්න ඕන වෙනවා. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවනේ. මේක ජනතාවටද අරමුණු කරන්නේ දේශපාලකයින්ටද කියලා.


දිස්නා බණ්ඩාර – මං හිතන්නේ ජනතාවට අරමුණු කරන එක තමයි වැදගත්ම හා ලේසිම දේ.
විපස්සි හිමි – ඔව්. පරමාධිපත්‍ය රජු මත නෙමෙයි ජනතාව මතයි රදා පවතින්නේ. ඒක ත්‍රිපිටකයෙන් තහවුරු වන කරුණක්. භික්ෂූන් වහන්සේලා මෙහෙම කටයුතු කරනකොට බාධා පැමිණෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී නම්‍යශීලීව කටයුතු කරන්න ඕනේ. යම්කිසි රටක් ගොඩනැගීමේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉතිහාසය දිහා බලලයි. අපට ඉතිහාසය අමතක කරන්න බෑ.

දිස්නා බණ්ඩාර – ඇත්තටම හාමුදුරුවනේ මේ යන දේශපාලන ක්‍රමය ගැන ජනතාවට ප්‍රසාදයක් නෑ. වසර 60 කට ආසන්න දේශපාලන ගමන්මග පිළිබද ජනතාව තෘප්තිමත් නෑ. මං හිතන්නේ මේ මොහොත තමයි හොදම අවස්ථාව වෙනසක් අවශ්‍ය කරන.

විපස්සි හිමි – ඇත්‍තටම ඔව්. ඒ වාතාවරණය ඇතිකරන්න පිරිසක් ඉන්නවද කියන එකත් ගැටළුවක් තමයි. ඇත්තටම අපි හණමිටිය කරතියාගෙන යන ජාතියක්නේ. අපට අවශ්‍ය වන්නේ ප්‍රබුද්ධ විචාරශීලී ගමනක් යන්න පුළුවන් පිරිසක්. එහෙම කණ්ඩායමක් ඇති වුනොතින් අපට පුළුවන් මේවා නිවැරදි කරන්න. දේශපාලනයේ පක්ෂ පාට මොනවත් තැකිය යුතු නෑ. නමුත් රාමුව තිබිය යුත්තේ ධර්මය මතයි.

එඩ්මන්ඩ් රණසිංහ – මහාචාර්ය රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ තත්ත්වය විග්‍රහකරන මාහාචාර්ය වරයෙක්. ඔහු කියනවා The unities not one of physical geography ඒ කියන්නේ භූගෝලීය වශයෙන් සමගියක් නෙවෙයි. It belongs to the realm of ideas. ඒක අදහස් වලින් වෙන දෙයක්. It in matter of men’s minds and harts. රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයා කියන්නේ මනසයි හදවතයි තුලින් ගැටළුවක් විසදන්න පුළුවන් කියලා. ඔහු මෙහෙමත් කියනවා. If we don’t change our minds we can not change anything. අපට මනස වෙනස් කරගන්න බැරිනම් කිසි දෙයක් වෙනස්කර ගන්න බැහැ. මහාචාර්ය රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ තත්ත්වය විග්‍රහ කරලා මේ වගේ අදහස් දක්වලා තියෙනවා. මේ විදියට දාර්ශනිකව අදහස් ප්‍රකාශ කරපු මහාචාර්යවරුන් අපේ රටේ ඉන්නවද කියල දන්නේ නැහැ. නමුත් ඒ විදියට කියන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා සංඝ සමාජය ඇතුලේ ඉන්නවා කියලා මට හිතෙනවා.

විපස්සි හිමි – ඇත්තටම සමාජ සදාචාරාත්මක ලිපි ලේඛන ලාංකික විද්වතුන් විසිනුත් ලියලා තියෙනවා. නමුත් ඒක දාර්ශණික පදනමක පිහිටලා නැති බවයි පෙනෙන්නේ. රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයා බුදුදහමත් එක්ක ගලපලනේ ‍ලියලා තියෙන්නේ. නමුත් ලංකාව තුල මේ වගේ තත්ත්වයක් තිබිල නෑ.

එඩ්ම්න්ඩ් රණසිංහ – තවත් තැනක එතුමා මෙහෙම කියලා තියෙනවා. We need a new approach. Respect for the basic values of spirit is the only antidote to the distempers of our society social economic and political. කියලා. සමාජයේ තියෙන ප්‍රශ්ණවලට එකම පිළියම තමන්ගේ අධ්‍යාත්මය සකස්කිරිම කියලා එතුමා කියනවා. දැන් මේක කියවලා අදහසක් අරගෙන බලන්න ඕන අපේ සමාජයට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අද භික්ෂු සංස්කෘතිය තුල ඉන්නවා දාර්ශණිකව බලන්න පුළුවන්, බොහොම පුළුල්ව හිතන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා.

විපස්සි හිමි – කොටහේනේ පඤ්ඤාකීර්ති කියන හාමුදුරුවෝ ලියලා තියෙනවා ආගම සහ සමාජය කියලා පොතක්. එහි සදහන් කරනවා ධර්මය දේශපාලනයට මුසුකර ගන්නේ කොහොමද කියන දේ පිළිබදව. හේන්පිටගෙදර ඥාණසීහ හිමියන්ටත් මේ පිළිබද දර්ශණයක් තියෙනවා. ඒ වගේම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, ධම්මාලංකාර හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු ආගම සමාජයත් එක්ක එකතුකර ගෙන තියෙනවා. ඒ ක්‍රියාදාමය මේ වන විට බිද වැටිලයි තියෙන්නේ. අපි දැක්කයා රණසිංහ මහත්තයා රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයාගේ අදහස් ගැන කියනකොට බුදු හාමුදුරුවන්ගේ දර්ශණයම තමයි මේ කියන්නේ කියන දේ. බුද්ධ ධර්මය දැන් යටපත් වෙලානේ තියෙන්නේ. අපි මැණික් හාරනවා වගේ මේ ධර්මය ඔපමට්ටම් කරලා ගන්න ඕන. අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ.

එඩ්මන්ඩ් රණසිංහ – අන්න එතන තමයි හාමුදුරුවනේ ගැටළුව තියෙන්නේ. සමහර විට අපි මේ කියන අදහස් බලලා මේ ගැන උනන්දුවෙන අය ඉන්නවා ඇති. මේ කටයුතු කරන්නත් ඕනැයි කියලා හිතන අයත් ඇති. කටයුතු කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඒ සදහා උත්සාහයක් ගන්නනේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගියේ. නමුත් භික්ෂූන්වහන්සේලාට කරන්න තිබුන කාර්ය භාරය නෙමෙයි වෙන්නේ. ඒකෙන් වුනේ එදා ඒ රැල්ලත් එක්ක ආපු පිරිස . . . .

විපස්සි හිමි – අද අතරමං වෙලා.

එඩ්මන්ඩ් රණසිංහඒත් එක්කම නායකත්වය කෙරෙහි විශ්වාසයත් බිද වැටිලා.

විපස්සි හිමි – නායකත්වය කෙරෙහි විශ්වාසය බිද වැටුණේ ඇයි? අපට ඒ නායකත්වය සුදුසු නැති නිසා. අපි කියන්නේ භික්ෂූන් වහන්සේලාට.