Home » විශේෂාංග » යහපත් යුග දිවිය

යහපත් යුග දිවිය

පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මිනිසුන්ට ඇති උතුම් සම්පතක් ගැණ ඊයේ ඔබට පැහැදිලි කළා. අද කියන්නට බලාපොරොත්තු වන්නේ එහි සඳහන් දෙවැනි කොටස යි.

එම ගාථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ ‘‘භරියාය පරමා සඛා’’ යනුවෙනි. පරම කියන්නේ උතුම් කියන අදහසයි. භරියාය කියන්නේ බිරිඳයි. ඒ නිසා සැමියාට උතුම් යහළුවා බිරිඳයි. එසේ ම බිරිඳට උතුම් මිත‍්‍රයා සැමියා යි. සෑම දියුණු මිනිසෙක් පිටුපස යහපත් බිරිඳක් සිටිනවා. කියා පැරණි කියමන ඉතා ප‍්‍රසිද්ධයි.

විවාහ වන්නේ විවිධ අදහස් දහස් ඇති, සිතුම් පැතුම් ඇති දෙදෙනෙකු යි. නමුත් විවාහයෙන් පසු ඔවුන් සමාන අදහස් ඇති අය බවට පත් වෙනවා. ‘‘ඒකාත්මීය’’ කියන්නේ ඒකයි. අනික බිරිඳ කින්නේ සැමියාගේ ජීවිතයෙන් අඩක්, භාගයක් කියාත් හඳුන්වනවා. මෙයින් පැහැදිලි වන්නේ මිනිස් දිවිය සරු කර ගන්නට දෙමහල්ලන් මොනතරම් ගුණගරුකව සිටිය යුතු බව නොවේ ද?

යම් යම් ප‍්‍රශ්න පැන නගින අවස්ථාවල දි බොහෝ ම ඉවසීමෙන් ඔවුනොවුන් හා දොඩමළු වීමෙන් ඒවා විසඳා ගන්නට හැම මොහොතක දී ම උනන්දු වීම වැදගත්. ආර්ථික අගහිඟකම් ඇති වන බොහෝ අවස්ථාවල දී පවුල් ජීවිතය කඩා වැටෙනවා. එවන් අවස්ථාවල දී දිරියෙන් වැඩ කටයුතු කළ යුතු යි.

අරපරෙස්සම ජීවිතයේ පුරුදු පුහුණු කළ යුතු වැදගත් සිද්ධාන්තයක්. මේ වචනය හැදිල තියෙන සැටි බලන්න. අරි කියන්නේ හතුරා පරිස්සම කියන්නේ උත්සාහය මේ දෙකම පාලි වචන. ඒ අනුව අරිපරිස්සම අරපරෙස්සම වී තිබෙනවා. ඒ නිසා දුක්මහන්සියෙන් හරිහම්බ කරපු දේ බොහෝ ම ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්නට ඕනෑ.

බොහෝ පවුල් ජීවිත බිඳ වැටෙන්නේ සැමියා මත් උවදුරට ඇබ්බැහි වීම නිසා නේද? අපේ සොදුරු ජීවිත නරක පුරුදුවලට ඇබ්බැහි වීමෙන් ඇස්පණාපිට විනාශ කර ගන්නේ ඇයි? ඒ නිසා නරක පුරුදු නැමැති හතුරාගෙන් උත්සාහයෙන් ගොඩනගා ගත් මිනිස්කම අරපරිස්සම් කර ගත යුතු යි.

අඹු සැමියන් වශයෙන් වශයෙන් තුටු වෙමින් ඔබ ගත කරන ජීවිත සමාජයේ අභිවෘද්ධියට බලපාන බව අමතන කරන්න එපා. අනෙක් කරුණා අඹුදරුවන් සමඟ සතුටින් ජීවත් වෙනවා නම් ඒක ශීලයක්. එය ‘‘සදාරබ‍්‍රහ්මචරිය’’ වශයෙන් දහමේ හඳුන්වනවා. මේවායින් පැහැදිලි කළේ ඉතා සැලසුම් සහගතව ජීවත් වීම යි.

බුදුදහම යහපත් යුග දිවිය නිරත්රයෙන් අගය කරනවා අංගුත්තර නිකායේ සංවාස සූත‍්‍රයේ දී අඹුසැමියන් ගුණගරුකව ගත කරන ජීවිතය දෙවියෙකු දෙවඟනක් සමඟ වාසය කිරීමක් ලෙස හඳුන්වා තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට තම තමාගේ ගෙවල්වල ජීවත් විය යුත්තේ දෙවියෝ වගේ. මුදල් හදල් තිබූ පමණින් යහපත් ජීවිතයක් ගත කරන්න බෑ. දෙමහල්ලන් ඔවුනොවුන්ට පි‍්‍රය ඇසින් බලමින් හොඳ මිතුරන් සේ ජීවත් වෙන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි